Sponsors

Friday, November 6, 2015

Windows XP Original කරමු.

කාලෙකින් ආවේ.
මේ තියෙන ෆයිල් එක රන් කරල,
මැෂින් එක රිස්ටාර්ට් කරන්න.
වින්ඩෝස් එක්ස්පී වලට විතරයි.

download Link

https://drive.google.com/open?id=0ByoRQhq6LzzyR2R2dW1CbHhrdmc

Thursday, May 29, 2014

Virus නිසා සැගවුනු ලිපි ගොනු නැවත ගන්නේ මෙහෙමයි. [Remove Virus ]

කාලෙකින් ,
කොහාමද ඔයාලට?

මම අද කියන්නේ වයිරස් නිසා හැන්ගුන ෆයිල් නැවත ගන්නේ කොහොමද කියල...........
පෙන් එකේ ඩ්‍රයිවර් ලෙටර් එක G කියල හිතමු.
මේ විදිහට DOS වල Type කරන්න.
G:    [Press Enter key]
attrib -r -a -s -h /s /d   [Press Enter key]

අදහස් දක්වන්න.

Tuesday, October 1, 2013

Windows XP වල User Password ඉවත් කරන්නේ මෙහෙමයි.

මම හුග දවසකින් මේ පැත්තට ආවේ. මට අද ලියන්න වෙලාවක් නැ. මම වැඩේ කරන විදිහ විඩියෝ එකක් දැම්ම. සොෆට්වෙයාර් එක ඔන නම් කමෙන්ට් කරන්න.
මෙතනින් විඩියෝ එක බාගන්න. http://www.mediafire.com/download/db72t7roawgbg18/11.swf.swf

Sunday, June 9, 2013

පොසොන් එකට විදුලි බිල ඉතුරු කරන්නLED බල්බ් අපිම හදා ගමු.

යාළුවනේ මට හුග දවසකින් බ්ලොග් එකක් ලියන්න බැරි වුනා. මොකද මහින්දගෙ ආන්ඩුවෙන් විදුලි බිල වැඩිකරල නේ....... අම්ම පරිගනකය ලගට යනකොටම කියනව විදුලි බිල වැඩි ඔය මගුල දාන්න එපා කයල. එකයි එන්න බැරි යුනේ. සමා වෙන්න.
විදුලි බිල වැඩි නිසා මම හිතුව එල්ඊඩි බල්බ් හදන්න. මම නෙට් එකෙන් ගත්ත තොරතුරු වලින් හදල බැලුව. නියමෙට වැඩ. පහල තියෙනව විස්තරේ හදල බලන්න.
මෙකෙ LED දෙක වෙනුවට LED එකයි 1N4007 diode එකයි දාන්නත් පුළුවන්. බලල ප්‍රතිචාර දක්වන්න.

Friday, May 10, 2013

"Auto Hide Copy" හැන්ගිල මතක දඩු, සඩී පිටපත් ලබා ගමු.

මම අද කියන්නේ ඔයාල හොග හොය හිටපු සොෆ්ට්වෙයාර් එකක් ගැන. මට මෙක ඔන වුනේ මගෙ යාළුවෙක් නිසා. මොකද මේ කෙනා මගේ ලග තියෙන අළුත්ම මෘදුකාංග අරගෙන යනවා. මම ඉල්ලුවම දෙන්න එච්චර කැමති නෑ. මම එකට හොයා ගත්ත විසදුම ඔයාලටත් කියන්න හිතුන.එක තමයි MRT Hidden Copy කියන සොෆ්ට් එක. මෙකෙන් පරිගණකයට සම්බන්ධ කරන පෙන් එකක හරි සීඩී එකක හරි තියෙන ෆයිල් හොරෙන්ම කොපි කරගන්න පුළුවන්. මෙන්න පාත් එක බාගතකර ගන්න.
http://www.mediafire.com/download.php?1oqi5ynunedgauf

Monitor USB - කොපි කරන්න.
Monitor CD ROM කොපි කරන්න.
Monitor FLOPPY කොපි කරන්න.
Auto Start With Windows වින්ඩොස් සමග ආරම්බ වෙන්න.
Auto Hide At Startup කොපි වෙන විට හැන්ගෙන්න.

කොපි වෙන ෆයිල් වෙටෙන්නෙ මතනට.

අදහස් දක්වන්න.

Monday, May 6, 2013

"Note pad" එක විතරක් භාවිතා කරල, Folder එකකට Pass word එකක් දාල හංගන හැටි...

මම අද දැක්ක් මේ පොස්ට් එක. එක මම කොපි කරල දැම්මේ. මෙන්න ගත්ත ලින්ක් එක පරිගණක උදව්.....
http://pariganakaudau.blogspot.com/2011/12/note-pad-folder-pass-word.html
මෙහෙම එකක් මම හොය හොයා හිටියේ ස්තූතියි.......

සුභ දවසක්! ඉතින් කොහොමද? යාළුවනේ..  අපි හැමෝටම, අනිත් අයට නොපෙන්වා හංගල තියාගන්න ඕනෙ තරම් දේවල් තියනව නේද? විශේෂයෙන්ම තමන්ගෙ පරිඝණකය තුළ නම් ගොඩක් දේවල් හංගන්න තියනව නේද?? ඒ මොනවද කියලනම් මම කතා කරන්න යන්නෙ නෑ. :-)  ඉතින් මේ Files, Folders හංගන්න ගොඩක් දෙනා භාවිතා කරන්නෙ "Folder Lock" වගේ මොකක් හරි Software එකක්. ඔන්න ඉතින් මම දැන් කියන්න යන්නේ ඔය කිසිම Software එකක් Install නොකර Note pad එක විතරක් භාවිතා කරල, Folder එකකට Pass word එකක් දාල, ඒක කටවත්ම නොපෙනෙන විදියට හංගන හැටියි. මම මේක කරන විදිය පියවර වශයෙන්ම කියන්නම්. එතකොට කාටත් පැහැදිළියිනෙ..

1. Start -> All programms -> Accesories -> Note pad යන මාර්ගයෙන් Note pad එක open කර ගන්න.





2. ඊට පස්සෙ පහළින් තියෙන Code එක සම්පූර්ණයෙන්ම select කරල Copy කරගන්න. (Ctrl+c ඔබන්න) ඊ ලඟට ඒ copy කර ගත්ත code එක කලින් open කරපු note pad     එක තුළට Paste කරගන්න. (Ctrl+v ඔබන්න)



cls

:End
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==maja goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
3. මේ Code එකේ තියනව if NOT %pass%==maja goto FAIL කියල පේළියක්. ඒකෙ "maja" කියන්නෙ password එක. ඉතින් ඔයාලට පුළුවන් maja කියන එක වෙනුවට ඔයාල කැමති password එකක් දෙන්න.
4. හරි නේද? දැන් තියෙන්නෙ ඒක Save කරගන්න එක. Note pad එකේ File ->Save යන්න තෝරන්න. File name එක Locker.bat ලෙස දෙන්න. Save as type කියන තැනට "all" යන්න     තෝරන්න. Encoding කියන තැනට "ANSI" යන්න තෝරන්න. අන්තිමට Save කරගන්න ඕනෙ තැන තෝරල ( උදා:- Desktop) Save කියන එක ඔබල Save කරගන්න.
5. දැන් ඔයාලට පේනව ඇති මේ File එක Save කරගත්ත තැන Locker නමින් Icon එකක් තියන බව. ඒක Double click කරන්න. එතකොට කළු පාට පසුබිමක් සහිත window එකක් open වේවි.(ඒකට කියන්නෙ "Command prompt" කියල) ඒත් එක්කම Locker කියන icon ලඟ Locker කියල Folder එකකුත් හැදිල තියනව ඔයාලට පෙනේවි.
6. ඉතින් අන්න ඒ Folder එකට තමන්ට හංගන්න ඕනෙ File එක හෝ කිහිපය ඇතුළත් කරන්න. ඊට පස්සෙ අර කළු පාට පසුබිමක් සහිත window එකට ගිහිල්ල "Are you sure u want to Lock the folder(Y/N)" කියන පේළියට පහළින් Y අකුර type කරල enter ඔබන්න.
7. දැන් ඔයාලට පේනව ඇති අර කලින් Locker කියන නමින් තිබුන Folder එක නැති බව. ඇත්තම කියනවනම් ඒ Folder එක හැංගිලා තියෙන්නෙ. ඉතින් ඒක ආපහු පේන තත්වෙට පත් කරන්නෙ කොහොමද? 
8. කරන්න තියෙන්නෙ Locker කියන Icon එක Double click කරන්න. ඊට පස්සෙ කලින් වගේම කළු පාට window එකක් open වේවි. ඒකෙ password එක ඉල්ලන තැනට  "maja" කියන එක වෙනුවට ඔයාල දුන්න password එක type කරල enter කරන්න.
9. දැන් ඔයලට පෙනේවි අර Locker කියන Folder එක කලින් තිබුන තැනම තියෙන බව. ඒ Folder එක open කලාම ඔයාල හංගපු හැම File එකක්ම ඒ විදියටම තියෙන බවත් ඔයාලට පෙනේවි.

ඉතින් දැන් ඔයාලට පුළුවන් ඕනෙම File එකක් password එකක් දාල Lock කරන්න. හොඳයි නේද? වැඩේ සරලයි. පහසුයි. හරිම Simple plan එකක්. හරියට Airtell වගේ. :-) ඒ වගේම ඉහත සඳහන් Code එක (ක්‍රමලේඛනය)  උපුටා ගත්තෙ විදේශීය වෙබ් අඩවියකින් බවත් කියන්නම ඕනෙ. සමහරවිට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ පිළිබඳව මම ඔබෙන් සමාව ඉල්ලනව. ඒ වගේම පැය දෙක තුනක් මහන්සි වෙලා  දත්මිටි කාගෙන type කරල ලියපු මේ ලිපිය කියවල, පුළුවන්නම් බැනල හරි කමක් නෑ පුංචි comment එකක් දාල යන්න. ඒක මට ඊ ලඟ ලිපිය ලියන්න ලොකු ශක්තියක් වේවි. ස්තූතියි...

Monday, April 22, 2013

web counter - වෙබ් අඩවියට ආ ගිය ප්‍රමාණය දර්ශනය කිරිම.

මෙක කරන්න හරි ලේසියි. මුලින්ම පහල ලින්ක් එකෙන් ෆ්ලැග් කවුන්ටර් වෙබ් අඩවියට යන්න.
http://flagcounter.com
ඉහල රුපගේ විදිහට ඉල්ලන විස්තර ලබා දෙන්න.
පසුව GET YOUR FLAG COUNTER බොත්තම ඔබන්න.
මෙහි Skip හෝ Continue බෝත්තම ඔබන්න.

දැන් කෝඩ් එක කොපි කරල java/HTML gejet දාල සුරකින්න.

Tuesday, April 16, 2013

Windows All in One Activator වින්ඩෝස් සියළුම සංස්කරණ ඇක්ටිව් කරගන්න මෙන්න

මම අද දෙන්නේ ඔයාලට වින්ඩෝස් සියළුම සංස්කරණ ඇක්ටිව් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක්. මොකද බ්ලොග් ලියන්න වෙලාවක් නෑ. අවුරුද්දෙන් පස්සෙ වැඩනේ.
මෙන්න ලින්ක් එක.


Microsoft toolkit  -  http://www.mediafire.com/download.php?n5af577e724e7b7


Password - chulabhaya.blogspot.com

Monday, April 15, 2013

බ්ලොග් එකේ right click නවත්තමු.

මම මුලින්ම කියන්න ඔන මම මෙක උපුටා ගත්තේ සිංහ පිඩියා බ්ලොග් එගෙන්.
මෙන්න ලින්ක් එක. http://www.sinhapedia.com/2013/04/blog-right-click.html

පහත කොඩ් එක HTML / Java Script Gadget වෙත Paste කර සුරකින්න. Title එක හිස්ව තබන්න.
වැඩි විස්තර ලියන්නේ නෑ. මොකද මෙක මගේ දෙයක් නෙවෙයි එකයි.

Code

<script language=JavaScript>
<!--
var message="Function Disabled!";

///////////////////////////////////
function clickIE4(){
if (event.button==2){
alert(message);
return false;
}
}

function clickNS4(e){
if (document.layers||document.getElementById&&!document.all){
if (e.which==2||e.which==3){
alert(message);
return false;
}
}
}

if (document.layers){
document.captureEvents(Event.MOUSEDOWN);
document.onmousedown=clickNS4;
}
else if (document.all&&!document.getElementById){
document.onmousedown=clickIE4;
}

document.oncontextmenu=new Function("alert(message);return false")

// -->
</script>

Sunday, April 14, 2013

නොමිලේ විඩියෝ කොල් ගන්න පුළුවන් අලුත්ම විදිහ මෙන්න..............ooVoo

සියලු දෙනාටම සුභ නව වසරක් වේවායි මා පතමි.
        අළුත් අවුරුද්දේ ඔයාලට අලුත් දෙයක් දෙන්න හිතුව. මේක skype වගේ විඩියෝ ාකාල් ගන්න පුළුවන් දෙයක් ,
www.oovoo.com වෙබ් අඩවියට ගිහින් බාගන්නකෝ.....................
ස්ථාපනය වුනාම මෙහෙම පෙනේවි. එහි Get a new ooVoo Account යන්න තෝරන්න.
දැන් පහල විදිහට තොරතුරු ලබා දෙන්න. 
අනතුරුව I accept - Create account යන්න තෝරන්න.
සියල්ල නිවරදිව කොට sign in වු විට මේ වගේ පෙනේවි.

සුබ නව වසරක් වේවා!

Saturday, April 13, 2013

Microsoft Office 2013 Activation

යාළුවෝ සියළු දෙනාටම සුභ නව වසරක් වේවා....................
                         දැන් මට ඉස්සර වගේ නිතරම එන්න වෙලාවක් නැ. කමක් නෑ මම අද ඔයාලට දෙනවා ඔෆිස් 2013 ඇක්ටිවේට් කරගන්න Microsoft Toolkit 2.4.1 මෙක වැඩ කරන්න .NET Formwark 4.0 ඔන වෙනවා. වින්ඩොස් 8 නම් ඔන නෑ. මුලින්ම ඔෆිස් 2013 ස්ථාපනය කරන්න. දැන් Microsoft Toolkit 2.4.1 කරන්න. පහත පිටවර භාවිතා කරන්න.
ඉට කලින් මෙන්න ලින්ක් එක
Microsoft toolkit  -  http://www.mediafire.com/download.php?n5af577e724e7b7
.NET formwark 4.0  -  http://www.mediafire.com/download.php?fjowbkr929xhfnv

Password - chulabhaya.blogspot.com





බලල අදහස් කියන්න.................
සුභ නව වසරක් වේවා..................................



Tuesday, March 5, 2013

අන්තර්ජාලය හරහා වෙනත් පරිගනකයකට පිවිසෙමු. Haw to Connect Remote Desktop Via Internet.


ඔන්න යාළුවනේ සෑහෙන කාලෙකින් අද බ්ලොග් ඉකට ආවා. මම අද කියල දෙන්නේ ගොඩක් වැදගත් දෙයක්. මට මේ ගැටලුව ආවේ මගේ හතවතුන් බොහෝ දෙනෙක් මගෙන් දුරකතනයෙන් පරිගණක ගැටලු වලට විසදුම් විමසනවා. ඒ අයගෙන් මම අහන දේවල් වලට එයාලා මට සමහර වෙලාවට හරි උත්තර දෙන්නෙ නෑ. ඒ වෙලාවට මම අපහසුතාවයට ලත් වෙනවා. ඒ ගැටළුවට මම හොයා ගත්ත විසදුම තමයි Supremo Remote Desktop. ඔයාලටත් වැදගත් ඇති කියල හිතුන. මෙන්න............................
            මුලින්ම පහත ලින්ක් එකෙන් බාගන්න.



            මෙක ස්ථාපනය කරන්න ඔන නෑ. Run කරාම පහත අයුරින් පෙනේවි.

මම මුලින්ම කියන්නම් Remote Computer හි Setting හදන හැටි.
Allow remote connections  හි Start බොත්තම ඔබන්න. එවිට පහත පරිදි පෙනෙවි.

දැන් ඔබගේ පරිගනකයේ මෙම වැඩසටහන දාවනය කරන්න. පසුව එහි Connect to a remote computer වෙත ගොස් ID of the PC to connect to: ස්ථානයට අනෙක් පරිගනකයේ Your IDලබාදි Connect button ඔබන්න.
මුරපදය විමසන විට Remort computer හි Password මුරපදය ලබා දෙන්න.

එවිට අනෙක් පරිගනකය වෙත පිවිසිමට අවසර දෙන්නේ දැයි විමසයි. එවිට yes බොත්තම එබන්න.
දැන් හරි නේද..............................
අපහැදිලි නම් මට දන්වන්න. හදිස්සියේ ලියන්නේ.
chulabhaya@gmail.com / chulabhaya@live.com

Friday, October 26, 2012

වෙබ් අඩවියක් දර්ශණය වීම අවහිර කිරිම Blocking Web Sites in My PC

මම අද ඔයාලට දෙන තෑග්ග ගොඩක් අයට වටිනවා ඇති.
මම අද ඔයාලට කියල දෙන්නේ තමන්ගේ පරිගණකයන් අන්තර්ජාලය වෙත පිවිසිමෙන් පසු අප ගමන් කරන වෙබ් අඩවිය දර්ශණය නෙවන ලෙස සැකසිමටයි.
මුලින්ම හි c:\windows\system32\drivers\ect ඇති host ගොනුව notepad ආදාරයෙන් විවෘත කරන්න.

අනතුරුව 127.0.0.0  localhost  යන්නට පහලින්
127.0.0.1 වෙබ් ලිපිනය
127.0.0.2 වෙබ් ලිපිනය
ආදි වශයෙන් සටහන් කොට සුරකින්න.

දැන් වැඩේ හරි.
අදහන් දක්ව න්න අමතක කරන්න එපා......

Saturday, January 14, 2012

අපි නොදන්න Drivers හොයාගන්නේ කොහොමද?

අපි නොදන්න Drivers හොයාගන්නේ කොහොමද?

සෑහෙන දවසකින් මම අද බ්ලොග් එක පැත්තට අවා. මම අද කියල දෙන්න යන්නේ  ඔයාල හැමෝටම තියෙන ප්‍රශ්නයක් විසද ගන්නේ කොහොමද කියල. ඒක තමයි, අපි නොදන්න Drives කොහොමද හොයා ගන්නේ කියල.

            මුලින්ම Computer Manager විවෘත කර ගන්න. ඒ සදහා Computer අයිකනය මත Right Click කර Manage තොරන්න.

එහි Device managerයන්න තොරන්න. එවිට නිවරදිව ස්ථාපනය නොවු කහ පැහැති ප්‍රශ්නාර්තයක සලකුනකින් පෙන්නුම් වෙයි. අදාල Icon මත Dabble Click කොට විවෘත කරන්න.


එහි Details Tab යන්න.

අනතුරුව Property තුල Hardware Ids තොරන්න.

එහි පහලින් ඇතිValue තුල ඇති කොටස තුල ඇති PCI\VEN_  සිට &SUBSYS කොටසට පෙර දක්වා  සටහන් කොට ගන්න.

දැන් www.driverlookup.com වෙබ් අඩවිය වෙත යන්න.


එහි Search තුල ඉහත කී කොටස සටහන් කොට Search බොත්තම ඔබන්න.

පහතින් අදාල මෙහෙයුම් පද්දතියට අදාල මෘදුකාන්ගය බාගත කරගෙන ස්ථාපනය කරගන්න..

අදහස් දක්වා යන්න අමතක කරන්න එපා.....

Saturday, December 31, 2011

Happy New Year

ලබන්නා වු 2012 වර්ෂය සියළුෙදනා හට කිරිෙයන් පැණිෙයන් ඉතිෙරන සුභ නව වසරක් ෙව්වා!

Friday, December 16, 2011

ඡායාරූප සංස්කරණය කිරිමේදී වැදගත් මෙවලමක්.(Extract)


ඡායාරූප සංස්කරණය කිරිමේදී වැදගත් මෙවලමක්.(Extract)
මම අද ඔයාලට කියල දෙන්න යන්නේ  Photoshop මෘදුකාංගය මාර්ගයෙන් ඡායාරූප සංස්කරණය කිරිමේදි භාවිතා වන Extract විදානය ගැන.
            මෙමගින් සිදුකරගත හැකි සරල දෙයක් පැහැදිලි කරන්නම්. අපට ඡායාරූපයකින් කොටසක් හැර අනි සියළුම දේ මකා ඉවත් කිරිමට අවශ්‍ය යැයි සිතමු. එය Eraser Tool මගින් සිදුකිරිමට යාමේදි කාලයක් මෙන්ම මහන්සියක්ද දැරිමට සිදුවේ.

මෙය කිරිම සදහා  Filter Menu හි Extract වෙත යන්න.

එහි ඇති පැන්සලක හැඩැති රූපය සහිත මෙවලම මගින් අවශ්‍ය වන කොටස සංවෘත වන සේ සලකුණු කරන්න. අනතුරුව තීන්ත බදුනක හැඩැති රූපය සහිත මෙවලම මගින් අපට ඉතිරි කිරිමට අවශ්‍ය කොටස මත කරන්න. එවිට එම කොටස නිල් පැහැ ගැන්වේ.
දැන් ok බොත්තම ඔබන්න.

අත්හදා බලා ප්‍රතිචාර දක්වන්න.

Thursday, December 15, 2011

පරිගණකකයේ නිෂ්පාදකයා, හිමිකරු ආදි තොරතුරු ඇතුලත් කිරිම.


පරිගණකකයේ නිෂ්පාදකයා, හිමිකරු ආදි තොරතුරු ඇතුලත් කිරිම.


            ඔයාලට මේ රුපය දැක්කම හිතෙනවා නේද?...... කොහොමද මගේ පරිගණකයටත් මේ විස්තර ඇතුලත් කරන්නේ?......... මම හදල දෙන, මෘදුකාංග ස්ථාපනය කරල දෙන පරිගණක වලටත් මගේ විස්තර දාන්න තිබුනනම් හොදයි. කියලා.
            මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඒ දේවල් කරන්න පුළුවන් විදිහේ පොඩි මෘදුකාංගයක් ගැන. ඒ තමයි Win Guggle.
මුලින්ම පහත ලින්ක් එකෙන් අදාල මෘදුකාංගය බාගත කර ගන්න.
 http://www.4shared.com/file/4pWfjqvZ/WinGuggle_2113.html
දැන් එහි තියෙන තියන WinGuggle.exe ගොනුව විවෘත කරන්න.


Product Key කියන ටැබ් එකේ  Windows වල Sirial No ද, MS Office වල Sirial No ද,පෙන්නුම්කරනවා.
එහි පහල තියෙන Owner Information කොටසේ,
Owner යටතේ හිමිකරුගේ නමද, Organization යටතේ හිමිකරුගේ ආයතනයේ නමත් ලබා දෙන්න.

Tool ටැබ් එක වෙත යන්න.
එහි Change බොත්තම මගින් නිෂ්පාදකයාගේ ලාංඡනය ලබා දිම සදහා අවස්ථාව ලබා දෙනවා. එමගින් අදාල ලාංඡනය සහිත ගොනුව ලබා දෙන්න. එම ගොනුව අනිවාර්යයෙන්ම *.BMP ගොනුවත් විය යුතුය.

Manufacturer – නිෂ්පාදකයාගේ නම
Model – පරිගණක මාදිලිය
Website – නිෂ්පාදකයාගේ නිල වෙබ් අඩවි ලිපිනය
Support Hours – පාරිබෝගියාට උදවුකල හැකි වේලාවන්
Phone – උදවු ලබා ගැනීම සදහා ඇමතිය යුතු දුරකථන අංක

අදාල තොරතුරු ලබාදිමෙන් පසු Apply බොත්තම මගින්  අදාල තොරතුරු පරිගණකය තුල සුරැකුම් කරන්න.
දැන් Computer Properties මගින් බලන්න. දැන් ඔබගේ ගැටළුව විසදුනා නේද?
ඔබ ලග ඇති මෙවැනි දේ ගැන මා දැනුවත් කොට අන් අයද දැනුවත් කරමු.
chulabhaya@gmail.com  / chulabhaya@live.com

Wednesday, December 14, 2011

සිංහල අකුරු රටා දහයක්. 10 Sinhala Fonts


සිංහල අකුරු රටා දහයක්.
            මම අද ඔයාලට දෙන්නේ සිංහල අකුරු රටා කිහිලයක්. පහත ලින්ක් එකෙන් ලබා ගන්න. මේ ඔක්කොම විජේසේකර යතුරු පුවරුව අනුව සකසා ඇත.

http://www.4shared.com/file/VS3Oxek3/WIJESOORIYA-FONTS_VOL_01.html

Tuesday, December 13, 2011

Windows7 වල Wellcome Screen එකට අපි කැමති ඡායාරුපයක් දාන්නේ කොහොමද


මම අද ඔයාලට කියල දෙන්නේ Windows7 වල Wellcome Screen එකට අපි කැමති ඡායාරුපයක් දාන්නේ කොහොමද කියල.
මුලින්ම අපට අවශ්‍ය ඡායාරුපය BackgroundDefault.jpg ලෙස නම් කරන්න. ඡායාරුපයේ ධාරිතාවය 256kb ට වඩා අඩු වෙන්න ඔන.
ඒ ඡායාරුපය පහත සදහන් ස්ථානයේ ස්ථාපිත කරන්න.
C:\Windows\System32\oobe\info\backgrounds\
දැන් Registry Editer එකට ගොස් HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Backgroundමෙම ස්ථානයට යන්න.
එහි ඇති OEMBackground හි අගය 1 බවට පත් කරන්න.
දැන් නැවත පනගන්වන්න.
Registry Edit අපහසු හෝ අපහැදිලි නම් පහත එක මගින් ලබාගත හැකි Windows7 Logon Scren.reg ගොනුව Run කරන්න.
අදහස් දක්වන්න.
chulabhaya@gmail.com  / chulabhaya@live.com