Sponsors

Friday, December 16, 2011

ඡායාරූප සංස්කරණය කිරිමේදී වැදගත් මෙවලමක්.(Extract)


ඡායාරූප සංස්කරණය කිරිමේදී වැදගත් මෙවලමක්.(Extract)
මම අද ඔයාලට කියල දෙන්න යන්නේ  Photoshop මෘදුකාංගය මාර්ගයෙන් ඡායාරූප සංස්කරණය කිරිමේදි භාවිතා වන Extract විදානය ගැන.
            මෙමගින් සිදුකරගත හැකි සරල දෙයක් පැහැදිලි කරන්නම්. අපට ඡායාරූපයකින් කොටසක් හැර අනි සියළුම දේ මකා ඉවත් කිරිමට අවශ්‍ය යැයි සිතමු. එය Eraser Tool මගින් සිදුකිරිමට යාමේදි කාලයක් මෙන්ම මහන්සියක්ද දැරිමට සිදුවේ.

මෙය කිරිම සදහා  Filter Menu හි Extract වෙත යන්න.

එහි ඇති පැන්සලක හැඩැති රූපය සහිත මෙවලම මගින් අවශ්‍ය වන කොටස සංවෘත වන සේ සලකුණු කරන්න. අනතුරුව තීන්ත බදුනක හැඩැති රූපය සහිත මෙවලම මගින් අපට ඉතිරි කිරිමට අවශ්‍ය කොටස මත කරන්න. එවිට එම කොටස නිල් පැහැ ගැන්වේ.
දැන් ok බොත්තම ඔබන්න.

අත්හදා බලා ප්‍රතිචාර දක්වන්න.

No comments: