Sponsors

Thursday, December 15, 2011

පරිගණකකයේ නිෂ්පාදකයා, හිමිකරු ආදි තොරතුරු ඇතුලත් කිරිම.


පරිගණකකයේ නිෂ්පාදකයා, හිමිකරු ආදි තොරතුරු ඇතුලත් කිරිම.


            ඔයාලට මේ රුපය දැක්කම හිතෙනවා නේද?...... කොහොමද මගේ පරිගණකයටත් මේ විස්තර ඇතුලත් කරන්නේ?......... මම හදල දෙන, මෘදුකාංග ස්ථාපනය කරල දෙන පරිගණක වලටත් මගේ විස්තර දාන්න තිබුනනම් හොදයි. කියලා.
            මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඒ දේවල් කරන්න පුළුවන් විදිහේ පොඩි මෘදුකාංගයක් ගැන. ඒ තමයි Win Guggle.
මුලින්ම පහත ලින්ක් එකෙන් අදාල මෘදුකාංගය බාගත කර ගන්න.
 http://www.4shared.com/file/4pWfjqvZ/WinGuggle_2113.html
දැන් එහි තියෙන තියන WinGuggle.exe ගොනුව විවෘත කරන්න.


Product Key කියන ටැබ් එකේ  Windows වල Sirial No ද, MS Office වල Sirial No ද,පෙන්නුම්කරනවා.
එහි පහල තියෙන Owner Information කොටසේ,
Owner යටතේ හිමිකරුගේ නමද, Organization යටතේ හිමිකරුගේ ආයතනයේ නමත් ලබා දෙන්න.

Tool ටැබ් එක වෙත යන්න.
එහි Change බොත්තම මගින් නිෂ්පාදකයාගේ ලාංඡනය ලබා දිම සදහා අවස්ථාව ලබා දෙනවා. එමගින් අදාල ලාංඡනය සහිත ගොනුව ලබා දෙන්න. එම ගොනුව අනිවාර්යයෙන්ම *.BMP ගොනුවත් විය යුතුය.

Manufacturer – නිෂ්පාදකයාගේ නම
Model – පරිගණක මාදිලිය
Website – නිෂ්පාදකයාගේ නිල වෙබ් අඩවි ලිපිනය
Support Hours – පාරිබෝගියාට උදවුකල හැකි වේලාවන්
Phone – උදවු ලබා ගැනීම සදහා ඇමතිය යුතු දුරකථන අංක

අදාල තොරතුරු ලබාදිමෙන් පසු Apply බොත්තම මගින්  අදාල තොරතුරු පරිගණකය තුල සුරැකුම් කරන්න.
දැන් Computer Properties මගින් බලන්න. දැන් ඔබගේ ගැටළුව විසදුනා නේද?
ඔබ ලග ඇති මෙවැනි දේ ගැන මා දැනුවත් කොට අන් අයද දැනුවත් කරමු.
chulabhaya@gmail.com  / chulabhaya@live.com

No comments: