Sponsors

Saturday, December 31, 2011

Happy New Year

ලබන්නා වු 2012 වර්ෂය සියළුෙදනා හට කිරිෙයන් පැණිෙයන් ඉතිෙරන සුභ නව වසරක් ෙව්වා!

Friday, December 16, 2011

ඡායාරූප සංස්කරණය කිරිමේදී වැදගත් මෙවලමක්.(Extract)


ඡායාරූප සංස්කරණය කිරිමේදී වැදගත් මෙවලමක්.(Extract)
මම අද ඔයාලට කියල දෙන්න යන්නේ  Photoshop මෘදුකාංගය මාර්ගයෙන් ඡායාරූප සංස්කරණය කිරිමේදි භාවිතා වන Extract විදානය ගැන.
            මෙමගින් සිදුකරගත හැකි සරල දෙයක් පැහැදිලි කරන්නම්. අපට ඡායාරූපයකින් කොටසක් හැර අනි සියළුම දේ මකා ඉවත් කිරිමට අවශ්‍ය යැයි සිතමු. එය Eraser Tool මගින් සිදුකිරිමට යාමේදි කාලයක් මෙන්ම මහන්සියක්ද දැරිමට සිදුවේ.

මෙය කිරිම සදහා  Filter Menu හි Extract වෙත යන්න.

එහි ඇති පැන්සලක හැඩැති රූපය සහිත මෙවලම මගින් අවශ්‍ය වන කොටස සංවෘත වන සේ සලකුණු කරන්න. අනතුරුව තීන්ත බදුනක හැඩැති රූපය සහිත මෙවලම මගින් අපට ඉතිරි කිරිමට අවශ්‍ය කොටස මත කරන්න. එවිට එම කොටස නිල් පැහැ ගැන්වේ.
දැන් ok බොත්තම ඔබන්න.

අත්හදා බලා ප්‍රතිචාර දක්වන්න.

Thursday, December 15, 2011

පරිගණකකයේ නිෂ්පාදකයා, හිමිකරු ආදි තොරතුරු ඇතුලත් කිරිම.


පරිගණකකයේ නිෂ්පාදකයා, හිමිකරු ආදි තොරතුරු ඇතුලත් කිරිම.


            ඔයාලට මේ රුපය දැක්කම හිතෙනවා නේද?...... කොහොමද මගේ පරිගණකයටත් මේ විස්තර ඇතුලත් කරන්නේ?......... මම හදල දෙන, මෘදුකාංග ස්ථාපනය කරල දෙන පරිගණක වලටත් මගේ විස්තර දාන්න තිබුනනම් හොදයි. කියලා.
            මම අද ඔයාලට කියල දෙන්න යන්නේ ඒ දේවල් කරන්න පුළුවන් විදිහේ පොඩි මෘදුකාංගයක් ගැන. ඒ තමයි Win Guggle.
මුලින්ම පහත ලින්ක් එකෙන් අදාල මෘදුකාංගය බාගත කර ගන්න.
 http://www.4shared.com/file/4pWfjqvZ/WinGuggle_2113.html
දැන් එහි තියෙන තියන WinGuggle.exe ගොනුව විවෘත කරන්න.


Product Key කියන ටැබ් එකේ  Windows වල Sirial No ද, MS Office වල Sirial No ද,පෙන්නුම්කරනවා.
එහි පහල තියෙන Owner Information කොටසේ,
Owner යටතේ හිමිකරුගේ නමද, Organization යටතේ හිමිකරුගේ ආයතනයේ නමත් ලබා දෙන්න.

Tool ටැබ් එක වෙත යන්න.
එහි Change බොත්තම මගින් නිෂ්පාදකයාගේ ලාංඡනය ලබා දිම සදහා අවස්ථාව ලබා දෙනවා. එමගින් අදාල ලාංඡනය සහිත ගොනුව ලබා දෙන්න. එම ගොනුව අනිවාර්යයෙන්ම *.BMP ගොනුවත් විය යුතුය.

Manufacturer – නිෂ්පාදකයාගේ නම
Model – පරිගණක මාදිලිය
Website – නිෂ්පාදකයාගේ නිල වෙබ් අඩවි ලිපිනය
Support Hours – පාරිබෝගියාට උදවුකල හැකි වේලාවන්
Phone – උදවු ලබා ගැනීම සදහා ඇමතිය යුතු දුරකථන අංක

අදාල තොරතුරු ලබාදිමෙන් පසු Apply බොත්තම මගින්  අදාල තොරතුරු පරිගණකය තුල සුරැකුම් කරන්න.
දැන් Computer Properties මගින් බලන්න. දැන් ඔබගේ ගැටළුව විසදුනා නේද?
ඔබ ලග ඇති මෙවැනි දේ ගැන මා දැනුවත් කොට අන් අයද දැනුවත් කරමු.
chulabhaya@gmail.com  / chulabhaya@live.com

Wednesday, December 14, 2011

සිංහල අකුරු රටා දහයක්. 10 Sinhala Fonts


සිංහල අකුරු රටා දහයක්.
            මම අද ඔයාලට දෙන්නේ සිංහල අකුරු රටා කිහිලයක්. පහත ලින්ක් එකෙන් ලබා ගන්න. මේ ඔක්කොම විජේසේකර යතුරු පුවරුව අනුව සකසා ඇත.

http://www.4shared.com/file/VS3Oxek3/WIJESOORIYA-FONTS_VOL_01.html

Tuesday, December 13, 2011

Windows7 වල Wellcome Screen එකට අපි කැමති ඡායාරුපයක් දාන්නේ කොහොමද


මම අද ඔයාලට කියල දෙන්නේ Windows7 වල Wellcome Screen එකට අපි කැමති ඡායාරුපයක් දාන්නේ කොහොමද කියල.
මුලින්ම අපට අවශ්‍ය ඡායාරුපය BackgroundDefault.jpg ලෙස නම් කරන්න. ඡායාරුපයේ ධාරිතාවය 256kb ට වඩා අඩු වෙන්න ඔන.
ඒ ඡායාරුපය පහත සදහන් ස්ථානයේ ස්ථාපිත කරන්න.
C:\Windows\System32\oobe\info\backgrounds\
දැන් Registry Editer එකට ගොස් HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Backgroundමෙම ස්ථානයට යන්න.
එහි ඇති OEMBackground හි අගය 1 බවට පත් කරන්න.
දැන් නැවත පනගන්වන්න.
Registry Edit අපහසු හෝ අපහැදිලි නම් පහත එක මගින් ලබාගත හැකි Windows7 Logon Scren.reg ගොනුව Run කරන්න.
අදහස් දක්වන්න.
chulabhaya@gmail.com  / chulabhaya@live.com

Monday, December 12, 2011

විනාඩි 10ක තාවකාලික ඊ-මේල් ගිණුමක් හදාගමු.


ඔයාලට තිබුණ ගැටළුවක් වගේම මටත් තිබුණ ගැටළුවක් තමයි, සමහර වෙඩ් අඩවි වල ලියාපදිංචි විමට යාමේදී අපගේ ඊ මේල් ලිපිනය ඉල්ලා සිටිම. අපට අවිස්වාස අවස්ථාවන් වලදී අපට අදාල වෙඩ් අඩවිය තුල ලියාපදිංචි විමට නොහැගි වෙනවා. 
එයට විසදුමක් මම අද කියල දෙන්නම්. ඒ තමයි විනාඩි දහයකට ඊ මේල් කිණුමක් ලබා ගැනිම.
http://10minutemail.com වෙබ් අඩවියට යන්න.


එවිට අපට තාවකාලික ඊමේල් ලිපිනය ලබා දෙනවා.
එම පිටුවෙන් ඉවත් නොවී සිටින්න. ඉවත්වු වි අදාල ලිපිනය නැවත ලබා ගැනිමට නොහැකි වෙනවා.


මෙය උත්සාහ කරන්න.
ගැටළු ඇත්නම් මා අමතන්න.
chulabhaya@live.com / chulabhaya@gmail.com

Thursday, December 8, 2011

Flash වලින් Digital Clock ක් නිර්මාණය


මම අද ඔයාලට කියල දෙන්න යන්නේ Flash  වලින් Digital Clock ක් නිර්මාණය කරන විදිහ.
මුලින්ම Flash විවෘත කරන්න.
දැන් ලේයර් දෙකක් හදන්න.
ඒවා Clock, Action කියල නම් කරන්න.
Clock Layer එකේ පළමු Frame එකේ Text Feld එකක් හදන්න. එය Dinamic විදිහට සකසන්න.
එහි නම clock_txt ලෙස ලබාදෙන්න.
දැන් Action Layer එකේ පළමු Frame එකේ Action තුල මෙය සටහන් කරන්න.
time=new Date(); // time object
var seconds = time.getSeconds()
var minutes = time.getMinutes()
var hours = time.getHours()
if (hours<12) {
            ampm = "AM";
            }
            else{
                        ampm = "PM";
            }
while(hours >12){
                        hours = hours - 12;
                                    }
if(hours<10)
            {
            hours = "0" + hours;
            }
if(minutes<10)
            {
            minutes = "0" + minutes;
            }
if(seconds<10)
   {
            seconds = "0" + seconds;
            }
clock_txt.text = hours + ":" + minutes + ":" + seconds +" "+ ampm;
දැන් Action Layer එකේ දෙවන Frame තුල මෙය සටහන් කරන්න.
gotoAndPlay(1);
දැන් Ctrl +Enter ලබාදී බලන්න.

ඔබ ලග ඇති මෙවැනි දේද මට ලබා දෙන්න.

සී.කේ.විජේසුරිය.

Tuesday, December 6, 2011

Folder Lock කරමු.


Folder Lock කරමු.
මම අද ඔයාලට දෙන්නේ පරිගණක දැනුම නෙවෙයි. මම අද ඔයාලට වැදගත් මෘදුකාංගයක් දෙනවා. මේක අත්හදා බැලීමේ සංස්කරණයක් නෙවෙයි. ඒකෙන් අපිට අවශ්‍ය ගොනු, ෆොල්ඩර් අනිත් අයට බලන්න බැරිවෙන විදිහට සුරකින්න පුළුවන්. ඒක තමයි Folder Lock කියන මෘදුකාංගය.
මුලින්ම Folder lock ස්ථාපනය කරන්න.
මෙන්න බාගතකරගන්න ලින්ක් එක. http://www.4shared.com/file/c2fST75S/folder_lock.html?
අනතුරුව මේ විදිහටම දත්ත ලබාදි ලියාපදිංචි වන්න.

දැන් Folder Lock විවෘත කරන්න.

මුරපදය ලබාදි Set බොත්තම ඔබන්න. අනතුරුව නැවත මුරපදය ලබාදී Ok බොත්තම ඔබන්න.


මුරපදය වෙනස් කිරිම සදහා Options වල තියෙන Change Password මගින් මුරපදය වෙනස් කර ගන්න.
Open මත Click කරන්න. ලැබෙන Folder තුලට අවශ්‍ය ගොනු Cut කර Paste කරන්න.
අනතුරුව Lock බොත්තම ඔබන්න.
නැවත එම ගොනු ලබා ගැනීමට Folder Lock විවෘත කොට මුරපදය ලබා දී Ok බොත්තම ඔබන්න. අනතුරුව Open මගින් අදාල ගොනුව විවෘත කර ගන්න.
ගැටළු ඇතිනම් මා අමතන්න.
ඔබ ලග ඇති මෙවැනි මෘදුකාංග ගැන මා දැනුවත් කරන්න.
ස්තූතියි!.................
C.K.Wijesooriya



Sunday, December 4, 2011

දෘඩ තැටියේ සංකේතය [Icon] වෙනස් කිරිම.


දෘඩ තැටියේ සංකේතය [Icon] වෙනස් කිරිම.
            මම අද කියල දෙන්නේ බොහොම සරල දෙයක් ඒ තමයි, දෘඩ තැටියේ සංකේතය වෙනස් කරනහැටි. මෙකට අපිට අවශ්‍ය වෙනව සංකේත ගොනුවක් ඒකෙ නම අපි හිතමු inoka කියල. ඒක දෘඩ තැටියට පිටපත් කරන්න. උදාහරණයක් විදිහට  C:\

දැන් NOTEPAD විවෘත කරල ඒකේ මේ විදිහට සටහන් කරන්න.

දැන් මේ ගොනුව AUTORUN.INF කියල සුරකින්න.

පරිගණකය දැන් නැවත පණ ගන්වන්න.

ඔබත් මෙය අත්හදා බලන්න. ඔබේ අදහස් දක්වන්න.

ඩබ්.සී.කේ.විජේසුරිය.

Friday, December 2, 2011

හැදින්වීම

           මම මේ කතාව කොහෙන් පටන් ගන්නද කියල කල්පනා කරන විට කමයි මට මතක් වුනේ...මෙහෙම දෙයක් කරොත් හොදයි කියල. මම දන්න දේවල් තව කාටහරි කියල දෙන්න ඔන කියල මට හිතුන. මම ඒ හින්ද අපේ ගමේ වහල තිබුණ නැණසල පරිගණක පාසල නැවත ආරම්භ කලා. මට ලාභයක් තිබුනෙ නෑ. නමුත් මම ඒක වහල දැම්මෙ නෑ අනිත් අය වගේ. මම එහෙම කිව්වේ, කොත්මලේ ප්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශයෙන් නැණසලට උපදේශක වරියන් තුන්දෙනකු පත්කලා. එයාලා නැණසල පවත්වාගෙන ගියේ මාස කිහිපයයි.
            නමුත් ගමේ දරුවන් ඉගෙන ගන්නවට අකමැති උපුල් චන්ද්‍රසිරි හා පුෂ්පා රංජනී කියන සමෘද්ධි නියාමක වරු කියන හොරු දෙන්න හා කොත්මලේ ආසන සංවිධායක කියන කුමාර දසනායක කියන අය එකකුවෙලා නැණසල නැවත වසා දැමුවා.
            ඒ වගේම මමත් තාම ඉගෙන ගන්නවා. මමත් සමහර දේවල් අන්තර්ජාලයෙන් හොයනකොට කමයි මේ අදහස මට ඇතිවුනේ, මමත් ඉංග්‍රිසි හොදටම දන්නේ නෑ. ඒ ගැටළුව ඔයාලටත් ඇතිනේද? ඒ නිසා මම දන්න දේවල් ඔයාලටත් දැනගන්න මම මේක පටන් ගත්ත. මෙකේ අධ්‍යාපනය වගේම මෘදුකාංක ලබා දෙන්නටත් ම අදහස් කරනවා.මට ඔයාලත් උදව් කරන්න ඕන.
            මේ Blog Site එකේ දාන්න ඕන දෙවල් තියෙනවනම් මගේ chulabhaya@live.com  / chulabhaya@gmail.com ඊමේල් ගිණුමට එවන්න නම, ගම විස්තර ඇතුව. එතකොට මටත් ඉගෙන ගන්න පුළුවන් අනිත් අයටත් පුළුවන්. මේ ගැන දන්න හැමෝටම කියන්න.
            මට තව පොඩ්ඩෙන් අමතක වෙනව මම දවසගානේ අළුත් කරන්න බලා ගොරොත්තු වෙනව. ඒත් රස්සාවේ වැඩ වැඩි උනොත් දවස් කිහිපයකට හැරයක් හරි අනිවාරයෙන්ම අළුත්කරනව. හැමදාම ඒ හින්ද ඇවිත් බලන්න.
ස්තූතීයි!