Sponsors

Friday, December 2, 2011

හැදින්වීම

           මම මේ කතාව කොහෙන් පටන් ගන්නද කියල කල්පනා කරන විට කමයි මට මතක් වුනේ...මෙහෙම දෙයක් කරොත් හොදයි කියල. මම දන්න දේවල් තව කාටහරි කියල දෙන්න ඔන කියල මට හිතුන. මම ඒ හින්ද අපේ ගමේ වහල තිබුණ නැණසල පරිගණක පාසල නැවත ආරම්භ කලා. මට ලාභයක් තිබුනෙ නෑ. නමුත් මම ඒක වහල දැම්මෙ නෑ අනිත් අය වගේ. මම එහෙම කිව්වේ, කොත්මලේ ප්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශයෙන් නැණසලට උපදේශක වරියන් තුන්දෙනකු පත්කලා. එයාලා නැණසල පවත්වාගෙන ගියේ මාස කිහිපයයි.
            නමුත් ගමේ දරුවන් ඉගෙන ගන්නවට අකමැති උපුල් චන්ද්‍රසිරි හා පුෂ්පා රංජනී කියන සමෘද්ධි නියාමක වරු කියන හොරු දෙන්න හා කොත්මලේ ආසන සංවිධායක කියන කුමාර දසනායක කියන අය එකකුවෙලා නැණසල නැවත වසා දැමුවා.
            ඒ වගේම මමත් තාම ඉගෙන ගන්නවා. මමත් සමහර දේවල් අන්තර්ජාලයෙන් හොයනකොට කමයි මේ අදහස මට ඇතිවුනේ, මමත් ඉංග්‍රිසි හොදටම දන්නේ නෑ. ඒ ගැටළුව ඔයාලටත් ඇතිනේද? ඒ නිසා මම දන්න දේවල් ඔයාලටත් දැනගන්න මම මේක පටන් ගත්ත. මෙකේ අධ්‍යාපනය වගේම මෘදුකාංක ලබා දෙන්නටත් ම අදහස් කරනවා.මට ඔයාලත් උදව් කරන්න ඕන.
            මේ Blog Site එකේ දාන්න ඕන දෙවල් තියෙනවනම් මගේ chulabhaya@live.com  / chulabhaya@gmail.com ඊමේල් ගිණුමට එවන්න නම, ගම විස්තර ඇතුව. එතකොට මටත් ඉගෙන ගන්න පුළුවන් අනිත් අයටත් පුළුවන්. මේ ගැන දන්න හැමෝටම කියන්න.
            මට තව පොඩ්ඩෙන් අමතක වෙනව මම දවසගානේ අළුත් කරන්න බලා ගොරොත්තු වෙනව. ඒත් රස්සාවේ වැඩ වැඩි උනොත් දවස් කිහිපයකට හැරයක් හරි අනිවාරයෙන්ම අළුත්කරනව. හැමදාම ඒ හින්ද ඇවිත් බලන්න.
ස්තූතීයි!

No comments: