Sponsors

Monday, May 6, 2013

"Note pad" එක විතරක් භාවිතා කරල, Folder එකකට Pass word එකක් දාල හංගන හැටි...

මම අද දැක්ක් මේ පොස්ට් එක. එක මම කොපි කරල දැම්මේ. මෙන්න ගත්ත ලින්ක් එක පරිගණක උදව්.....
http://pariganakaudau.blogspot.com/2011/12/note-pad-folder-pass-word.html
මෙහෙම එකක් මම හොය හොයා හිටියේ ස්තූතියි.......

සුභ දවසක්! ඉතින් කොහොමද? යාළුවනේ..  අපි හැමෝටම, අනිත් අයට නොපෙන්වා හංගල තියාගන්න ඕනෙ තරම් දේවල් තියනව නේද? විශේෂයෙන්ම තමන්ගෙ පරිඝණකය තුළ නම් ගොඩක් දේවල් හංගන්න තියනව නේද?? ඒ මොනවද කියලනම් මම කතා කරන්න යන්නෙ නෑ. :-)  ඉතින් මේ Files, Folders හංගන්න ගොඩක් දෙනා භාවිතා කරන්නෙ "Folder Lock" වගේ මොකක් හරි Software එකක්. ඔන්න ඉතින් මම දැන් කියන්න යන්නේ ඔය කිසිම Software එකක් Install නොකර Note pad එක විතරක් භාවිතා කරල, Folder එකකට Pass word එකක් දාල, ඒක කටවත්ම නොපෙනෙන විදියට හංගන හැටියි. මම මේක කරන විදිය පියවර වශයෙන්ම කියන්නම්. එතකොට කාටත් පැහැදිළියිනෙ..

1. Start -> All programms -> Accesories -> Note pad යන මාර්ගයෙන් Note pad එක open කර ගන්න.





2. ඊට පස්සෙ පහළින් තියෙන Code එක සම්පූර්ණයෙන්ම select කරල Copy කරගන්න. (Ctrl+c ඔබන්න) ඊ ලඟට ඒ copy කර ගත්ත code එක කලින් open කරපු note pad     එක තුළට Paste කරගන්න. (Ctrl+v ඔබන්න)



cls

:End
@ECHO OFF
title Folder Locker
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo Are you sure u want to Lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to Unlock folder
set/p "pass=>"
if NOT %pass%==maja goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
3. මේ Code එකේ තියනව if NOT %pass%==maja goto FAIL කියල පේළියක්. ඒකෙ "maja" කියන්නෙ password එක. ඉතින් ඔයාලට පුළුවන් maja කියන එක වෙනුවට ඔයාල කැමති password එකක් දෙන්න.
4. හරි නේද? දැන් තියෙන්නෙ ඒක Save කරගන්න එක. Note pad එකේ File ->Save යන්න තෝරන්න. File name එක Locker.bat ලෙස දෙන්න. Save as type කියන තැනට "all" යන්න     තෝරන්න. Encoding කියන තැනට "ANSI" යන්න තෝරන්න. අන්තිමට Save කරගන්න ඕනෙ තැන තෝරල ( උදා:- Desktop) Save කියන එක ඔබල Save කරගන්න.
5. දැන් ඔයාලට පේනව ඇති මේ File එක Save කරගත්ත තැන Locker නමින් Icon එකක් තියන බව. ඒක Double click කරන්න. එතකොට කළු පාට පසුබිමක් සහිත window එකක් open වේවි.(ඒකට කියන්නෙ "Command prompt" කියල) ඒත් එක්කම Locker කියන icon ලඟ Locker කියල Folder එකකුත් හැදිල තියනව ඔයාලට පෙනේවි.
6. ඉතින් අන්න ඒ Folder එකට තමන්ට හංගන්න ඕනෙ File එක හෝ කිහිපය ඇතුළත් කරන්න. ඊට පස්සෙ අර කළු පාට පසුබිමක් සහිත window එකට ගිහිල්ල "Are you sure u want to Lock the folder(Y/N)" කියන පේළියට පහළින් Y අකුර type කරල enter ඔබන්න.
7. දැන් ඔයාලට පේනව ඇති අර කලින් Locker කියන නමින් තිබුන Folder එක නැති බව. ඇත්තම කියනවනම් ඒ Folder එක හැංගිලා තියෙන්නෙ. ඉතින් ඒක ආපහු පේන තත්වෙට පත් කරන්නෙ කොහොමද? 
8. කරන්න තියෙන්නෙ Locker කියන Icon එක Double click කරන්න. ඊට පස්සෙ කලින් වගේම කළු පාට window එකක් open වේවි. ඒකෙ password එක ඉල්ලන තැනට  "maja" කියන එක වෙනුවට ඔයාල දුන්න password එක type කරල enter කරන්න.
9. දැන් ඔයලට පෙනේවි අර Locker කියන Folder එක කලින් තිබුන තැනම තියෙන බව. ඒ Folder එක open කලාම ඔයාල හංගපු හැම File එකක්ම ඒ විදියටම තියෙන බවත් ඔයාලට පෙනේවි.

ඉතින් දැන් ඔයාලට පුළුවන් ඕනෙම File එකක් password එකක් දාල Lock කරන්න. හොඳයි නේද? වැඩේ සරලයි. පහසුයි. හරිම Simple plan එකක්. හරියට Airtell වගේ. :-) ඒ වගේම ඉහත සඳහන් Code එක (ක්‍රමලේඛනය)  උපුටා ගත්තෙ විදේශීය වෙබ් අඩවියකින් බවත් කියන්නම ඕනෙ. සමහරවිට අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ පිළිබඳව මම ඔබෙන් සමාව ඉල්ලනව. ඒ වගේම පැය දෙක තුනක් මහන්සි වෙලා  දත්මිටි කාගෙන type කරල ලියපු මේ ලිපිය කියවල, පුළුවන්නම් බැනල හරි කමක් නෑ පුංචි comment එකක් දාල යන්න. ඒක මට ඊ ලඟ ලිපිය ලියන්න ලොකු ශක්තියක් වේවි. ස්තූතියි...

No comments: